2025 පොහොසත් රටක් යන තේමාව මැයෙන්, ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිපත්ති ප්රකාශනය එළිදැක්වීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා සිදු විය. ශ්රී ලංකාව පොහොසත් රටක් බවට පත්කිරීම මෙහි අරමුණ යි.
මෙමගින් සංවර්ධන සඳහා ඇති ගැටළු විසඳීමට පුළුල් ආර්ථික ක්රමෝපායන් ක්රියාත්මක කිරීම, ආර්ථීකය ඉහළ නැංවීමට විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කිරීම.ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් දියුණු කිරීම, ඩිජිටල් සහ අනෙකුත් නැගී එන තාක්ෂණයන් භාවිතය තුළින් ගෝලීය වශයෙන් තරගකාරී රටක් බවට පත්වීම, සියළුම සේවකයින් සඳහා දායක විශ්රාම වැටුප් ප්රතිලාභ ක්රමවේදයක් ආරම්භ කිරීම සහ සමෘද්ධි වැඩසටහන වැඩිදියුණු කිරීම, සමාජ ආරක්ෂණ වැඩසටහන් පිළිබඳව අවධානය යොමු කිරීම සහ කෘෂී කාර්මික අංශයේ දියුණුව සඳහා වූ වැඩපිළිවෙල ගණනාවක් ද 2025 ආර්ථික දැක්ම තුළින් හඳුන්වා දී තිබේ.